කොල්ලූපිටිය ප්රදේශයේදී මාරක රිය අනතුරක් සිදුකර ඩුබායි වෙත පළාගොස් යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.
ඒ, ඔහු ඊයේ අළුත්කඩේ අංක හත දරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
ඊට අමතරව සෑම ඉරු දිනකම උදෑසන 9 ත් දහවල් 12 ත් අතර කොල්ලූපිටිය පොලිසියේ පෙනී සිටින ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ.
එමෙන්ම නඩුව අවසන් වනතුරු පෙර පරිදිම විදෙස් ගමන් තහනමක් පැනවීමට හා රියදුරු බලපත්රය අත්හිටුවීමටද කටයුතු කර තිබෙනවා.
අනතුරින් මියගිය ත්රිරෝද රථ රියදුරාගේ දරුවන් තුන්දෙනා සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ලක්ෂ 15 ක මුදලක් ලබාදීමටද සැකකරු කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 10 වනදා උදෑසන 06.30 ට පමණ බම්බලපිටියේ සිට ගාලූමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මියගොස් තිබුණා.
මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි මෙම සැකකරු එදිනම උදෑසන 09 යි 55 ට පමණ ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බවයි පසුව අනාවරණ වුණේ.