රුපියල් 54 කෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසිය පනස් දෙකක් වැය කොට විභාග දෙපාර්තමේන්තුවට මිලදී ගත් මුද්‍රණ යන්ත‍්‍රයක් නිසි පරිදි භාවිත නොකිරීමක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් වාර්තා කර තිබෙනවා.
ප‍්‍රශ්න පත‍්‍ර වඩාත් හොඳින් මුද්‍රණය කිරීමේ අපේක්ෂාවෙන් බව පවසමින් මෙම මුද්‍රණ යන්ත‍්‍රය මිලදී ගෙන තිබුණේ 2020 වසරේදියි.
කෙසේ වෙතත් අධික මුදලක් වැයවූ මෙම යන්ත‍්‍රයෙන් මේ දක්වා නිසි ප‍්‍රයෝජනයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, 2021 වසරේ උසස් පෙළ ප‍්‍රශ්ණ පත‍්‍ර මුද්‍රණය කිරීමේදී මෙම යන්ත‍්‍රය භාවිත කර ඇත්තේ සියයට 10 ක් මුද්‍රණය කිරීම සඳහා පමණයි.
එමෙන්ම, ප‍්‍රශ්නපත‍්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා රුපියල් අසූහතර ලක්ෂ විසිඅටදහස් හයසිය තිස්හතක් වටිනා එම යන්ත‍්‍රයේ තවත් කොටසක් මිලදී ගෙන ඇතත් ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් ගෙන නොමැති බවයි විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.