කොහුවල ප්රදේශයේ අවන්හලක් අසළ සිදුවූ පිහි ඇණුමකින් එම අලෙවිසැලේ හිමිකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
තුවාල ලැබූ අවන්හල් හිමිකරු පවසන්නේ කොහුවල පොලිසියේ නිලධාරියෙකු සමඟ පැමිණි අයෙකු ඊයේ රාත්රියේ තමන්ට පිහි ඇනුම සිදුකළ බවයි.
120 ප්රධාන මාර්ගය ආසන්නයේ කොහුවල පිහිටි මෙම අවන්හලේ හිමිකරු වන රංජිත් දයාල්ට මෙම අනතුර සිදු කිරීමේ සී සී ටී වී දර්ශන නිකුත් වී තිබෙනවා.
එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙකු බව කියන පුද්ගලයා සිවිල් ඇඳුමකින් සැරසී යතුරුපැදියකින් පැමිණ අවන්හල් හිමිකරු සමඟ සාකච්ඡා කරමින් සිටින ආකාරයයි.
එම අවස්ථාවේ පිටුපසින් පැමිණි වෙනත් පුද්ගලයෙකු පිහි ඇනුම සිදුකර පලා යන අයුරුද එහි දැක්වෙනවා.
ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ පිහි ඇණුම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. පුළුල් විමර්ශනයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.