
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 200 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත‍්‍රාව මේ වනවිට කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ එම මත්කුඩුවල වටිනාකම දළ වශයෙන් කෝටි 200 ක් ඉක්මවන බවයි.
මෙම වැටලීමේදි අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 13 ක්.
මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත‍්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සූක්‍ෂම ලෙස සඟවා ප‍්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ පෙරේදා දිනයේයි.
නාවික හමුදාවේ සමුදුර නෞකාවේ දින ගණනක් රැදී සිටිමින් මෙම මෙහෙයුම සිදුකර තිබුණේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි.