
2022 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණා.
විභාග මධ්‍යස්ථාන 2,894 ක දී පැවති මෙම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 34,698ක්.
මේ අතර, ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනීසිටි සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවූ බවට දෙමාපියන් පිරිසක් චෝදනා කළා.
එහිදී දෙමාපියන් කියා සිටියේ අදාළ පාසලේ ගුරුවරියක් ප‍්‍රශ්න පත‍්‍රය බෙදාහැරීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් තම දරුවන් අසාධාරණයට ලක්වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේනගෙන් විමසීමක්ද කළ අතර ඔහු කියා සිටියේ හෙට දිනයේ මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බවයි.