/
/
title icon පුටින් හදිසියේ හමුදා ප‍්‍රධානීන් හමුවෙයි.
පුටින් හදිසියේ හමුදා ප‍්‍රධානීන් හමුවෙයි.
Editor
1 year ago
Share:
පුටින් හදිසියේ හමුදා ප‍්‍රධානීන් හමුවෙයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදා ප‍්‍රධානීන් හමුවී තිබෙනවා.

යුක්රේනය වෙත මිසයිල ප‍්‍රහාර මාලාවක් දියත් කර යටිතල පහසුකම් විනාශ කළ දිනයේදීම මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ප‍්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප‍්‍රදේශවල විදුලි සැපයුම ඇණහිට ඇති අතර, එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව සිටින බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක් කර ඇත්තේ රුසියාවේ මීළඟ පියවර කුමක් විය යුතු ද යන්න පිළිබඳව බවයි වාර්තා වන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ සන්නද්ධ හමුදා ප‍්‍රධානී වැලරි ජෙරසිමොව් ද රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required