විදුලි බිල වැඩිකිරීම සඳහා වූ යෝජනාව ලබන වසරේ ජනවාරියේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමකදී අනුමැතිය සඳහා යොමුකිරීමට සූදානම් වන බව වාර්තා වනවා.
එය බොහෝ දුරට ජනවාරි මැද භාගයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප‍්‍රකාශයෙකු සඳහන් කළේ.
අඩු ආදායම්ලාභින් වෙනුවෙන් සහනයක් සහිත යෝජනා මෙහි අන්තර්ගත වුවද විදුලි ඒකකයක් සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමටයි මෙමඟින් යෝජනා කර ඇත්තේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබුණා.
කෙසේ වෙතත් ජනවාරි මාසයේ සිට නොදන්වා විදුලිබිල ඉහළ නැංවීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාවක් හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි ලේකම් ධම්මික සංජීව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ කැබිනට් පත‍්‍රිකාව ක‍්‍රියාත්මක වුවහොත් විදුලි ඒකක 30 ක් භාවිත කරන පාරිභෝගිකයෙකුට රුපියල් 3000ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය ප‍්‍රකාශ කරන පරිදි හෙට රැස්වන අමාත්‍ය මණ්ඩලයට එවැන් යෝජනාවක් ඉදිරිපත් නොකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.