මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම ප්‍රදේශයෙන් මුහුදට වැටී තිබෙනවා.
එම මෝටර් රථය පැදවූ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
අවුරුදු 50 ක් පමණ වයසැති මොහු ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. කථිකාචාර්යවරයා මාතර මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.