
බිත්තර රොටී, පරාටා, රෝල්ස්, එළවළු රොටී, ආප්ප, මාළු පාන් ඇතුළු කෙටි ආහාරවල මිල අද සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ තිරිඟු පිටි මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඊයේ සිට පාන් රත්තලක මිල ද රුපියල් 10 කින් අඩු කරනු ලැබුවා.