ආබාධිතයන් විසින් භාවිතා කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, අයවැය විවාදයේදී ආබාධිතයන් සඳහා ගෙන්වන කිසිදු උපකරණයකට බදු පනවා නොමැති බවට අමාත්‍යවරයා සිදුකළ ප‍්‍රකාශයද සිහිපත් කරමින්.
එලෙස අමාත්‍යවරයා ප‍්‍රකාශ කළත්, පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී තමන් ප‍්‍රකාශ කළ ආකාරයටම ආබාධිතයන් භාවිතා කරන උපකරණ සඳහා රේගු බදු අය කරන බවයි විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ. එලෙස බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක්ද අදාළ ලිපිය සමඟ යොමු කර තිබීමද විශේෂත්වයක්.
දෘශ්‍යාබාධිත, ශ‍්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසාද ආබාධිත තත්ත්වයේ පසුවන්නවුන් භාවිතා කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ‍්‍රවණාධාරක වැනි උපකරණවල මිල, ඒවා මත අය කෙරෙන බදු හේතුවෙන් ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවද මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.
2012 වසරේදී සිදුකරන ලද අවසන් සංගණනයේදී එවකට ශ‍්‍රී ලංකාවේ ආබාධිත තැනැත්තන් 16 ලක්ෂ 17,924 දෙනෙකු සිටින බව වාර්තා වී ඇති බව එහි දැක්වෙනවා.
එබැවින් ආබාධිතයන් භාවිත කරන සහායක තාක්ෂණික උපකරණ කිසිවක් හුදෙක් උපකරණයක් ලෙස නොව ආබාධ සහිත තැනැත්තාගේ ශරීරයේ කොටසක් ලෙස සැලකෙන බැවින් ආබාධිතයන් භාවිතා කරන සහායක උපකරණ මත අයකෙරෙන බදු ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ඉල්ලා සිටින බව එහි සඳහන්.