/
/
title icon ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පසුපස පැමිණි රථයක් ගැන හෝඩුවාවක්.
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පසුපස පැමිණි රථයක් ගැන හෝඩුවාවක්.
Editor
1 year ago
Share:
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පසුපස පැමිණි රථයක් ගැන හෝඩුවාවක්.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දැනට 15 දෙනෙකු පිළිබඳව සැක මතුවී ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයන් 30 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේදී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුද පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 15 වනදා පස්වරුවේ දිනේෂ් ෂාෆ්ටර් නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ හමුවක් සඳහා යන බව බිරිඳට පවසමින් වුවද ඔහුගේ විධායක නිලධාරියා පොලිසියට ප‍්‍රකාශ කර තිබුණේ ෂාෆ්ටර් රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක‍්‍රිකට් විස්තර චිචාරක බ‍්‍රයන් තෝමස් හමුවීමට යන බවට තමාට සදහන් කළ බවයි.

මේ අතර බ‍්‍රයන් තෝමස් ඝාතනය සිදුවූ දිනට පසුදින අදහස් දක්වමින් කියා සිටියේ එදින තමන්ට ෂාෆ්ටර් ගෙන් කෙටි පණිවුඩයක් ලැබුණු බවයි. ඔබ එනතෙක් මා රැඳී සිටිනවා යනුවෙන් ඔහුගෙන් ලද, කෙටි පණිඩුඩයේ සඳහන් වුවත් එවැනි හමුවක් යොදාගෙන නොතිබූ පසුබිමක් තුළ ලද කෙටි පණිවුඩය පිළිබඳ තමාට ගැටළුවක් මතුවුවද ඊට ප‍්‍රතිචාර දක්වමින් තමන්ද කෙටි පණිඩුයක් යොමුකළ බවයි බ‍්‍රයන් තෝමස් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති විමර්ශන අනුව සිද්ධිය වූ කාල සීමාව තුළ බ‍්‍රයන් තෝමස් නිවසේ රැදී සිට ඇති බව ඔහුගේ නිවසේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී තහවුරු වී තිබෙනවා. ඝාතනය සිදුකළ පාර්ශවය විසින් අවධානය වෙනතකට යොමුකිරීම සඳහා ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් බ‍්‍රයන් තෝමස් වෙත කෙටි පණිවුඩයක් යොමුකරන්නට ඇති බවටයි විමර්ශන නිලධාරින් සැකපළ කරන්නේ.

පස්වරු 02 ත් 03 ත් අතර නිවසෙන් පිටව ගිය දිනේෂ් ෂාෆ්ටර් රාත‍්‍රිය වන තෙක්ම නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන තිබූ අතර එය ක‍්‍රියාවිරහිතව පැවතීම නිසා දුරකථන සංඥා අනුව ඔහුගේ මෝටර් රථය, බොරැල්ල සුසාන භූමියේ ඇති බවට සොයාගෙන තිබුණා. ඒ අනුව ෂාෆ්ටර් සමීපව ඇසුරු කළ විධායක නිලධාරියා එම ස්ථානයට  වහාම පිටත්කර හැරීමට පියවර ගත් බවයි ඇය සිද්ධිය වූ දින පොලිසියට සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර්ගේ බිරිඳගෙන් දැනටමත් මූලික ප‍්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඉදිරියේදී වැඩිදුර ප‍්‍රකාශ ලබාගැනීමට නියමිතයි. අද දිනයේත් පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සිදුකෙරුණා.

මේ අතර කුරුදුවත්ත – මල්පාරේ පිහිටි නිවසෙන් පිටවූ ෂාෆ්ටර් සෘජුවම බොරැල්ල සුසාන භූමියට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. සීසීටීවී කැමරා දර්ශන අනුව හදුනාගත් ඔහුගේ මෝටර් රථය පිටුපසින් ගමන්කළ සැකකටයුතු රථයක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ වශයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය සහ එහි ගමන් කළේ කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විටත් තොරතුරු ලබාගනිමින් සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required