
මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් තිළිණි ප‍්‍රියමාලී සමඟ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන අද අධිකරණයෙන් නියම කළ ඇප සම්පූර්ණ කර පිටව ගොස් තිබෙනවා.
පෙර නඩු දිනයේ ඇප ලැබූ ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර එහිදි ඇයගේ ඥාතීන් විසින් ඇප තැන්පත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප 2ක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි ඇය පිටව ගොස් ඇත්තේ.
කෙසේ වෙතත්, මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප‍්‍රියමාලිටද පසුගියදා ඇප හිමිවූ අතර, ඇය මේ දක්වා ඇප සම්පූර්ණ කර නොමැති බැවින් තවදුරටත් බන්ධනාගාරයේ සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.