මසුන් ඇල්ලීමට සේනානායක සමූද්‍රයට ගිය රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් ඇතුළු සිවු දෙනෙකු ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
රට තුළ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම මේ වන විට ආදිවාසී ජනතාවට ද බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
එම තත්වය හමුවේ ඔවුන් මසුන් ඇල්ලීම සඳහා සේනානායක සමුද්‍රයට ගොස් ඇති බව සඳහන්.
එහිදී වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් රතුගල ආදිවාසී නායකයා ඇතුළු සිවු දෙනාට එරෙහිව බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.