හංවැල්ල – ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි එම ප්රදේශයේම පදිංචි ආපනශාලා හිමිකරුවෙක්. ඊයේ රාත්රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ආපනශාලා හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මකයි.
එමෙන්ම කළුතර බස් නැවතුම්පල අසළදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට 36 හැවිරිදි දොඩන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් අවුරුදු 30 ක් වයසැති කළුතර දකුණ ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගියා. පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී තිබෙනවා.
මේ අතර, කොහුවල ප්රදේශයේ අවන්හලක් අසළදී තියුණු ආයුධයකින් පහරදී එහි හිමිකරුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා. ඒ, නුගේගොඩ මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.