
පොලිස් නිලධාරින් 9,417 දෙනෙකු මීලඟ තනතුරට උසස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.
ඒ අනුව නිලධාරීන් 8,312 දෙනෙකුට සහ කාන්තා නිලධාරීන් 1,105 කට මෙම උසස්වීම් හිමිවනු ඇති.