මෙරට පාසල් සිසුන් වෙත ලබාදීම සඳහා චීනය විසින් නිල ඇදුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.
එහි වටිනාකම රුපියල් බිලියන 05 ක්.
එය මෙරට වාර්ෂික නිල ඇදුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක් වන බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
අදාළ නිල ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස ලබන වසරේ ජනවාරි මස 6 වනදා කොළඹ වරාය වෙත ලඟා වීමට නියමිතයි.
බහාලූම් 20ක අදාළ රෙදි තොගය අසුරා මෙරටට එවීමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.