උත්සව සමයට සමගාමීව වෙළඳපොළේ වැටලීම් සිදුකළද බිත්තර සම්බන්ධයෙන් නීතිමය කි්රයාමාර්ග ගත නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එවන් පසුබිමක ඇතැම් ප්රදේශවල බිත්තර මිල තවදුරටත් ඉහළ දමා ඇති අතර බිත්තරයක් රුපියල් 65 කට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ මේ වසරේ අගෝස්තු මස 19 වනදායි.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් වන අතර දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල සටහන් වූයේ රුපියල් 45 ලෙසයි.
මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වනතුරු අත්හිටුවීමට අධිකරණය පසුගියදා නියෝග කළා.
මේ හේතුවෙන් වෙළඳපළේ අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් සිදු කලත් වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට සහ අලෙවි කරන වෙළඳසැල් වලට නීතිමය පියවර ගත නොහැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්රකාශකයෙකු සඳහන් කළේ.