
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමට සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ත්‍රිචී හි විශේෂ කඳවුරකින් ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් මෙම සිද්ධියට අදාළ නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම පිරිස අතර සී. ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඞ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප‍්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප‍්‍රදීප්, තිලීපන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අයි.ඒ.එන්.එස්. ඉන්දීය පුවත් සේවය සඳහන් කළා.