
හවැල්ල ප‍්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලීසිය සොයාගෙන තිබෙනවා. හංවැල්ල – පහත්ගම ප‍්‍රදේශයේ අතුරුමාර්ගයක මෙම යතුරුපැදිය දමා ගොස් තිබියදීයි මෙලෙස සොයාගෙන ඇත්තේ.
එහි චැසි අංක සහ එන්ජින් අංක ද මකා දමා ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිස් ස්ථානයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක් ද වනවා.