ප්රකෝටිපති ව්යාපාරික එලෝන් මස්ක් ඔහුගේ අනාගතය පිළිබඳ පැවති මත විමසුමේදී මිලියන 17යි දශම 5ක් එනම් සියයට 57යි දශම 5ක පරිශීලකයන් පිරිසක් මොහු ට්විටර් සමාගමේ ප්රධාන විධායක ධූරයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය ප්රකාශ කර තිබෙනවා.
තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඔහු සිය පරිශීලකයන් මිලියන 122ක් අතර මෙම මත විමසුම පවත්වනු ලැබුවා.
කෙසේ වෙතත් ඩොලර් බිලියන 44 කට ට්විටර් සමාගම මිලදී ගත් මස්ක් ප්රකාශ කර ඇත්තේ තමා මෙම මත විමසුම අවසන් වීමට පෙර එහි ප්රතිඵලයට අනුව කටයුතු කරන බවයි.