/
/
title icon දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට බිරිඳගෙනුත් ප‍්‍රකාශ ගනී.
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට බිරිඳගෙනුත් ප‍්‍රකාශ ගනී.
Editor
1 year ago
Share:
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට බිරිඳගෙනුත් ප‍්‍රකාශ ගනී.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පැය 4කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දැනට 15 දෙනෙකු පිළිබඳව සැක මතුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එමෙන්ම මේ වනවිට පුද්ගලයන් 30 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේදී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුද පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required