මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීම සඳහා ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා හි වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව සමඟ ද්විපාර්ශවික ගණුදෙනුවලදී ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙමඟින් උදාවනවා.
ඩොලර් භාවිත කරමින් ඉන්දියාව සමඟ ගණුදෙනු කිරීමේ අවශ්‍යතාව එමඟින් මගහැරී යනු ඇති. ඩොලර් අර්බුදයට මුහුණදීමත් සමඟ කලාපයේ රටවල් හයක් ගණුදෙනු සිදුකිරීමේදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා.
ඉන්දියාව පාර්ශවයෙන් ඒ සඳහා ක්‍රමවේදයක් සැකසූ බව පසුගියදා ප්‍රකාශ කෙරුණු අතර, ඒ අනුව රුසියාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 12 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් පහක් සහ මුරුසිය වෙනුවෙන් එක් ගිණුමක් විවෘත කිරීමටයි ඉන්දිය මහ බැංකුව අනුමැතිය ලබාදුන්නේ.