/
/
title icon ෂාෆ්ටර් ඝාතනයට දුරකථන හතරක විමර්ශන වාර්තා ඉල්ලයි.
ෂාෆ්ටර් ඝාතනයට දුරකථන හතරක විමර්ශන වාර්තා ඉල්ලයි.
Editor
1 year ago
Share:
ෂාෆ්ටර් ඝාතනයට දුරකථන හතරක විමර්ශන වාර්තා ඉල්ලයි.

ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලිසියට නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ සළකා බැලීමෙන් අනතුරුවයි.

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයින් දෙදෙනෙකුගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද බොරැල්ල පොලිසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කරමින් නඩුව කල් තබනු ලැබුවා.

මේ අතර ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහුගේ සමීපතමයෙකුගේ සැලසුමකට අනුව බවට ඒ සම්බන්ධ විමර්ශන සිදුකරන නිලධාරින්ට සැකයක් මතුව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required