/
/
title icon
වසර අවසානයේ කොළඹට එන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක්.
වසර අවසානයේ කොළඹට එන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක්.
Editor
2 years ago
Share:
වසර අවසානයේ කොළඹට එන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක්.

වසර අවසානයේ නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලූ මුවදොර පිටිය ආශ‍්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය වෙන් කර තිබෙනවා.

ඒ අනුව නෙළුම් කුළුණ ආශ‍්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඞ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන ලෙස භාවිත කළ හැකියි.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලූ මුවදොර පිටිය ආශ‍්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයින්ට රථවාහන ගාල් කිරීම සඳහාද ස්ථාන වෙන් කර තිබෙනවා. ඒ අනුව එම්. ඕ.ඩී. රථගාල, ගාලූ මුවදොර – ගාලූ මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමේ අවස්ථාව හිමිවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required