නාරම්මල – බැඳිගමුව මංසන්ධියේ සිදුවූ අනතුරකින් කාන්තාවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී අසළ තිබූ බෝක්කුවක ගැටී පසුව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තුන්දෙනෙකු යටකරගෙන ගොස් ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනෙක් කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 56, 59 සහ 61 යන වයස්වල පසුවන නාරම්මල – බැඳිගමුව ප්රදේශයේම පදිංචිකාරිණියන්.