පසුගිය වසරේ සිදුවූ පැය 12 කට විදුලි කප්පාදුව පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව ලබන වසරේ ජනවාරි 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට එරෙහිව නීතියද කි‍්‍රයාත්මක කරන බවයි.