ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ පස්වරුවේ සමත් වුණා.
ඒ, කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයේදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 24කින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුළු 8ක් දැවී ලකුණු 143ක් රැස් කළා. ලකුණු 144ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමට පස්වන පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජැෆ්නා කණ්ඩායමට පන්දුවාර 11 දී ලකුණු 75ක් රැස් කළ යුතුව පැවතුණා. ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුළු 3ක් දැවී ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කණ්ඩායමට තරඟයේ ජය හිමිවුණා.
මේ අතර ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ පිළිමළුන් පිටුදැකීමේ කොටසේ දෙවන තරඟය ජය ගැනීමට කලම්බු ස්ටර්ස් කණ්ඩායම සමත් වුණා. කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරඟය වර්ෂාව හේතුවෙන් ප‍්‍රමාද වී ආරම්භ කෙරුණා. ඒ එක් කණ්ඩායමක් පන්දුවාර 18කට සීමා කරමින්.
තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ටාර්ස් කන්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ගෝල කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණඩායම පන්දුවාර 18 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 108ක් රැස් කළා. ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කලම්බු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5කදි කඩුළු තුනක් දැවී එම සීමාව පසුකර ගියා. ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටර්ස් අතර අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ තරඟ වදිනු ඇති.