ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලට අදාළව ඍජුව සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ෂාෆ්ටර්ගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 50 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.