දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් ගවමස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
උතුර සහ නැගෙනහිර පළාත්වල පසුගිය දිනවල ගවයින් සහ එළුවන් හදිසියේ මිය යාමත් සම`ග දිස්ත්‍රීක් අතර, මස් ප්‍රවාහනය අත් හිටුවීමටයි පියවර ගෙන තිබුණේ.
එහෙත් පසුව අනාවරණය වූයේ මෙම සතුන්ගේ මරණ වලට හේතුව පසුගිය දිනවල පැවති අධික සීත කාලගුණය නිසා ඇති වූ කම්පන තත්වයන් බවයි. ඒ අනුව මෙම සත්ව මරණ වලට හේතුව වසන්ගතයක් නොවන බවට පසුව අනාවරණය වූවා.