/
/
title icon
නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවලට පොලිසියෙන් ආරක්ෂාව.
නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවලට පොලිසියෙන් ආරක්ෂාව.
Editor
2 years ago
Share:
නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවලට පොලිසියෙන් ආරක්ෂාව.

එළැඹෙන උත්සව සමයේ රට පුරා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහාද විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, මේ වසර තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,389 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required