/
/
title icon පැය 10 ක විදුලි කප්පාදුවක් නැහැ – ජනවාරියේ විදුලි බිල වැඩිවීමත් ස්ථීරයි – විදුලි ඇමති කංචන කියයි.
පැය 10 ක විදුලි කප්පාදුවක් නැහැ – ජනවාරියේ විදුලි බිල වැඩිවීමත් ස්ථීරයි – විදුලි ඇමති කංචන කියයි.
Editor
1 year ago
Share:
පැය 10 ක විදුලි කප්පාදුවක් නැහැ – ජනවාරියේ විදුලි බිල වැඩිවීමත් ස්ථීරයි – විදුලි ඇමති කංචන කියයි.

එළඹෙන 2023 වසරේ ජනවාරි මාසයේදී පැය8 ත් 10 ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට ඉඩ ලබා නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු නොමැතිවීමෙන් ඉදිරි සතියෙන් පසු විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ විය හැකි බවට විදුලි ඉංජිනේරු සංගමය සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශයේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වගකීමක් ලෙස තම සංගමය විදුලි අර්බුදය සම්බන්ධයෙන් පෙන්වා දුන් බවයි. ගල් අඟුරු නෞකා 38 ක් අවශ්‍ය වූවත්, මේ දක්වා ආනයනය කර ඇත්තේ නෞකා 05 ක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ දෙසැම්බර් 24, 25 සහ 26 මෙන්ම දෙසැම්බර් 31 සහ ජනවාරි පළමුවනදා අඛන්ඩව විදුලිය සපයන බවයි.

අනිවාර්යයෙන්ම එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required