ලබන වසරේ සිට ප‍්‍රාථමික අංශය සඳහා වාර විභාග නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.
ඒ අනුව පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී ඒවා වර්ෂ අවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක‍්‍රියාවලිය ක‍්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.