රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිතා කිරීමට සැලසුම්කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව නීති විරෝධී ලෙස ආනයනය කොට දැනට හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ගාල් කර තිබෙන වාහන නිරීක්ෂනයකටද අමාත්‍යවරයා පසුගියදා එක්වුණා.
එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දි ඇත්තේ එම වාහන වල නීතිමය බාධාවන් ඉවත් කොට පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමට පියවර ගන්නා ලෙසයි.