/
/
title icon
එප්පාවල දරුවා තවමත් අතුරුදන්.
එප්පාවල දරුවා තවමත් අතුරුදන්.
Editor
2 years ago
Share:
එප්පාවල දරුවා තවමත් අතුරුදන්.

එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප‍්‍රදේශයේදී අතුරුදන් වූ, නව හැවිරිදි පිරිමි දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ දුරකතන දත්ත ඔස්සේ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නුවර – ගලහ ප‍්‍රදේශයට සහ මාතලේ ප‍්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් අද පෙරවරුවේ පිටත්කර යවා තිබුණා.

එම දරුවා ළඟින් ඇසුරු කළ විදුලි කාර්මික ශිල්පියා පෙරේදා සහ ඊයේ දිනයේදී ඔහුගේ ඥාතීන්ට දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර ඒ අනුවයි පොලිසිය මෙලෙස විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

එසේම තවත් පොලිස් කණ්ඩායම් 03 ක් එම දරුවා සොයා එප්පාවල ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්ද සිදුකරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තාකළ අතර, එහිදී මහේස්ත‍්‍රාත් නුවන් කෞෂල්‍ය නියෝග කලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ, සිව්වන වසරේ ඉගෙනුම ලබන දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නැමැති මෙම සිසුවා අතුරුදන් වූයේ, පසුගිය 19 වනදා රාත‍්‍රියේ සිටයි. සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු මෙලෙස ආරම්භ වූයේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required