රක්වානේ පහළ කන්දකුඹුර ප්රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් මත්පැන් පොවා අපයෝජනය කළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ පෙම්වතා බව කියන 24 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔහු එක්දරු පියෙකු බවයි.
පසුගිය 21 වනදා මෙම සිසුවිය මිත්තණියගේ නිවසේ රැඳී සිටියදී සැකකරු සමඟ ත්රිරෝද රථයකින් පැමිණි තවත් දෙදෙනෙකු ඇය රැගෙන ගොස් අපයෝජනය කර තිබුණා.
ඒ, මෙම සිසුවියට මත්පැන් පෙවීමෙන් අනතුරුවයි. සැකකරුවන් තුන්දෙනා විසින්ම අපයෝජනය කළ සිසුවිය මේ වනවිට රත්නපුර රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලිසිය ප්රකාශ කළේ.