/
/
title icon නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නවතී.
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නවතී.
Editor
1 year ago
Share:
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නවතී.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසා දැමීමට සිදුවුවහොත් දිනකට රුපියල් කෝටි 50 ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

ගල් අඟුරු පවතින බවටත්, විදුලි ඉංජිනේරුවන් අසත්‍ය ප‍්‍රකාශ කරන බවටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගියදා ප‍්‍රකාශ කළද ගල් අඟුරු ප‍්‍රමාණවත්ව නොමැතිවීම හේතුවෙන් ජනන යන්ත‍්‍රයක් මේ වනවිට නඩත්තු කටයුතු සඳහා බව පවසමින් අක‍්‍රිය කර ඇති බවටයි එම සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් එක් කෙරෙන අතර, එය දෛනික විදුලි සැපයුමෙන් සියයට 45 ක ප‍්‍රතිශතයක්.

කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රී දහයේ සිට එක් ජනන යන්ත‍්‍රයක් නඩත්තු කටයුතු සඳහා අක‍්‍රිය කිරීමටයි විදුලි ඉංජිනේරුවන් පියවර ගනු ලැබුවේ. ඒ අනුව මේ වනවිට ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක ධාරිතාවක් අහිමි වී තිබෙනවා.

එම අහිමිවන ධාරිතාව කැලණිතිස්ස බලාගාරයෙන් සහ ජල විදුලි බලාගාරවලින් ලබාගැනීමට පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ අද දිනයට සැළසුම් කළ දෛනික විදුලි කප්පාදු කාලයේ වෙනසක් සිදු නොකෙරෙන බව සඳහන්. ඒ අනුව පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර, දිවා කාලයේ පැයක් සහ රාත‍්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබුණේ.

මේ අතර, විදුලි කප්පාදුව වැඩි වුවහොත් බේකරි කර්මාන්තයේ නිරතවූවන්ට රැකියා කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required