පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව මේ වනවිට පහත වැටී තිබෙනවා. එහි තොග ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වනු මේ වනවිට ලැබෙමින් පවතින බවයි.
උත්සව සමයත් සමඟ පාරිභෝගිකයින්ද යළිත් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණයට පැමිණෙන අයුරු දක්නට ලැබෙන බවද ඔහු කියා සිටියා.
පසුගිය මාසයේදී තලපත් මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 කට ආසන්න මිලකට අලෙවි වී තිබුණා.
එසේම මීට මාසයකට පෙර රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වී සාලයන් කිලෝග්‍රෑමයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 350 කටයි.
ලින්නා සහ බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 800 කට මිලදී ගත හැකි බවයි ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ දිනවල ඉස්සන් සහ දැල්ලන් වැඩි වශයෙන් අලෙවි වන අතර, ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 කට මිලදී ගත හැකියි.