
ගාල්ල – ඇල්පිටිය යක්කටුව ප‍්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.