
උත්සව සමයේදී ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂාකාරි වන ලෙසට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඇය කියා සිටියේ මෙම කාලසීමාවේදී අනතුරු බහුලව සිදුවීමේ හැකියාව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.