නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළදී ශ‍්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැවත දැනුම්දෙන තෙක් යාත‍්‍රා නොකරන ලෙසද ධීවර හා නාවික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.