නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ‍්‍රී ලංකාව හරහා ගමන් කිරීම හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල තද වැසි සහ සුළං පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශවල නැවත දැනුම් දෙන තෙක් යාත‍්‍රා නොකරන ලෙසයි ධීවර හා නාවික ප‍්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.
මේ අතර පවතින අධික වැසි තත්වය හේතුවෙන් කිසියම් ප‍්‍රදේශයක හෝ ස්ථානයක නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සහ යම් ආපදාවක් හේතුවෙන් ඇතිවන පීඩාකාරී තත්වයක් පිළිබඳ තොරතුරු 117 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම කඳුකර ප‍්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් ද අවධානයෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.