නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලූවී ශ‍්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකියි.
මේ අතර දිවයින වටා මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බැවින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශවල නැවත දැනුම් දෙන තෙක් යාත‍්‍රා නොකරන ලෙසයි ධීවර හා නාවික ප‍්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.