වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මේ වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට රුපියල් මිලියන 6693.28 ක් ආදායමක් උපයාගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී එම කරුණු අනාවරණ වූ බවයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්තෝම්බර් මාසය වනවිට රුපියල් මිලියන 1,291 ක් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 414 යි දශම දෙකක් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 672 ක් සහ රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,316 ක ආදායමක් උපයාගෙන තිබෙනවා.
ලබන වසරේදී මෙම ආයතන මගින් රුපියල් මිලියන 5,000 ඉක්මවූ ආදායමක් අපේක්ෂිත බවද වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
එමෙන්ම පින්නවල – රිදියගම නව සත්ව අභයභූමි ඉදිකිරීම මත දේශීය විදේශීය සංචාරක ආකර්ශනය ඉහළ නැංවෙන සුදුසු වැඩසටහන් රැසක් ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමටද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව සඳහන්.