/
/
title icon
අමෙරිකාවේ සිට එවූ කුෂ් අඩංගු සෙල්ලම් බඩු පාර්සල් රැගෙන යන්න ආ සැකකරු STF අත්අඩංගුවට.
අමෙරිකාවේ සිට එවූ කුෂ් අඩංගු සෙල්ලම් බඩු පාර්සල් රැගෙන යන්න ආ සැකකරු STF අත්අඩංගුවට.
Editor
2 years ago
Share:
අමෙරිකාවේ සිට එවූ කුෂ් අඩංගු සෙල්ලම් බඩු පාර්සල් රැගෙන යන්න ආ සැකකරු STF අත්අඩංගුවට.

ඇමරිකාවේ සිට ගුවන් තැපෑලෙන් එවූ කුෂ් මත්ද්‍රව්‍ය සූක්ෂමව ඇසුරූ සෙල්ලම් බඩු සහිත පාර්සල් රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ සිදුකළ පරීක්ෂාවේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග‍්‍රෑම් 367 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයක තිබී රුපියල් කෝටි 16ක් වටිනා මත් පෙති සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ද පසුගිය 22 වනදා සොයා ගැනුනා.

අමෙරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කැනඩාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් ලැබී තිබූ පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේදියි අදාළ මත්ද්‍රව්‍ය හමුවී තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required