අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ දුම්රිය සහ පස්වරු 12.40 ට කොටුව සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය අද දින අවලංගු කර තිබෙනවා.
මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා මතුවී තිබෙනවා.
ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය පිළිමතලාව දක්වා පමණක් සීමා කර ඇති බව සඳහන්.