රියදුරු සහයකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.
නත්තලත් සමඟ එළැඹි නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.
මේ නිසා ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකයි.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා කියා සිටියේ අතිකාල දීමනා ගෙවීම සීමා කිරීම හේතුවෙන් මෙලෙස රියදුරු සහයකයින් සේවයට වාර්තාකර නොමැති බවයි.