/
/
title icon වැස්සෙන් මහනුවරට දැඩි බලපෑම්.
වැස්සෙන් මහනුවරට දැඩි බලපෑම්.
Editor
1 year ago
Share:
වැස්සෙන් මහනුවරට දැඩි බලපෑම්.

පැවති අධික වර්ෂාපතනයත් සමඟ මහනුවර දිස්ත‍්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව 1500 ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පීඩාවට පත්ව සිටින පුද්ගලයින් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර ගමනාගමනයට බාධා එල්ල වූ මාර්ගවල පස්කදු සහ ගල් ඉවත්කරමින් පවතින බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම මහනුවර – දුනුවිල ප‍්‍රදේශයේ නිවසක් මතට ඊයේ පෙරවරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අවුරුදු 18 ක් වයසැති ගැහැණු දරුවෙකු සහ අවුරුදු 16 ක් වයසැති පිරිමි දරුවෙකු මෙලෙම මියගිය අතර ඔවුන් සහෝදර සහෝදරියන් වනවා.

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිටි මවට, පියාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර තුවාල ලැබූ 12 හැවිරිදි තවත් ගැහැණු දරුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required