/
/
title icon නත්තල් දිනයේ දේවස්ථානයට ලැබුණු පඬුරු අතර ටී-56 උණ්ඩ.
නත්තල් දිනයේ දේවස්ථානයට ලැබුණු පඬුරු අතර ටී-56 උණ්ඩ.
Editor
1 year ago
Share:
නත්තල් දිනයේ දේවස්ථානයට ලැබුණු පඬුරු අතර ටී-56 උණ්ඩ.

නත්තල නිමිත්තෙන් බැතිමතුන් පූජාකරන ලද තුටු පඩුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ‍්‍රයේදී පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ටී-56 උණ්ඩ දෙකක් සොයාගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

අවට දේවස්ථානවලට නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේදී බැතිමතුන්ගෙන් ලද පඬුරු මෙම දේවස්ථානයට රැගෙනවිත් පරීක්ෂා කිරීමේදීයි ඊයේ මෙම උණ්ඩ හමුවී ඇත්තේ. කුඩා ප‍්‍රමාණයේ පෙට්ටියක ඒවා බහා තිබුණා.

මේ අතර ගාල්ල – කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ තිබූ මිලකල නොහැකි පිළිම, සළඹ 52 ක්, සීනු 32 ක් සහ පහන් 08 ක් සොරකම් කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්මීමන පදිංචි 39 හැවිරිදි සහ පානදුර පදිංචි සාමිවරයෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ තිබූ පෞරාණික භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 19 වනදායි. එහිදී අනාවරණය වූයේ විහාරස්ථානයේ දේවාලයේ තිබූ පිත්තල පිළිමයක්, සරස්වතී සහ විෂ්්ණු දෙවියන්ගේ පිළිම, සලඹ 52 ක් , සීනි 32 ක් සහ පිත්තල පහන් 08 ක් සොරාගෙන ගොස් ඇති බවටයි. අවස්ථා තුනකදී මෙම පිළිම ඇතුළු අනෙකුත් මිලකළ නොහැකි භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required