
ලොව වැඩිම රජයේ නිවාඩු ඇති රටවල් අතර 4 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
රටවල් 190 ක් යොදා ගනිමින් සිදු කළ මෙම ශ්‍රේණිගත කිරීමේ වැඩිම රජයේ නිවාඩු සහිත රටවල් 10 අතර පළමු තැන පසුවන්නේ මියන්මාරයයි. මියන්මාරයේ මෙම වසරේ රජයේ නිවාඩු 32ක් පවතින අතර දින 5ත් 8ත් අතර අඛණ්ඩ දීර්ඝ නිවාඩු ද ඒ අතර වන බව සඳහන්.
රජයේ නිවාඩු දින 30ක් සහිත නේපාලය එහි දෙවන තැනටත්, රජයේ නිවාඩු 26ක් පවතින ඉරානය තුන්වන ස්ථානයේත් පසුවනවා.
ශ්‍රී ලංකාව ලැයිස්තුවේ 04 වන ස්ථානයේ පසුවන්නේ මෙම වසරේ රජයේ නිවාඩු දින 25 ක් වාර්තා කරමින්.
මැලේසියාව 05 වන ස්ථානයේත්, බංගලාදේශය 06 වන ස්ථානයේත්, ඊජිප්තුව 07 වන ස්ථානයේත්, කාම්බෝජය 08 වන ස්ථානයේත් පසුවනවා.
ඉන්දියාවේ මේ වසරේ රජයේ නිවාඩු දින 21 ක් පවතින අතර, ඔවුන් 09 වන ස්ථානයේ පසුවන අතර 10 වන ස්ථානයේ රැදෙන්නේ යුරෝපා රටක් වන ලිච්ටෙන්ස්ටයින් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.