සාධාරණ මිලකට බිත්තර අලෙවි නොකරන්නේ නම් බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළ. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශයේදී කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුලූ සංගම් කිහිපයක් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමද රජයේ වගකීම බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එහිදී කර්මාන්තකරුවන් සඳහන් කර ඇත්තේ තවමත් බිත්තර වෙළදුන්ට ලබාදෙන්නේ රුපියල් 49 ක් හා රුපියල් 50 ක මිලකට බවයි.
කෙසේ වෙතත් වෙළදුන් බිත්තර ගබඩාකර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව බිත්තර කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.
මේ අනුව මෙම මස අවසානයට පෙර අතරමැදියන් නොමැතිව බිත්තරයක් රුපියල් 55 කට අලෙවි කිරීමටත් කොළඹ නගරයට දිනකට ලොරි 40 කින් පමණ බිත්තර සැපයීමටත් බිත්තර නිෂ්පාදකයින් මෙහි දී එකඟත්වය පළකර තිබෙනවා.
කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී කි‍්‍රයාවල නිරත වුවහොත් බිත්තර අලෙවි කරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පොලිසිය සහය ලබා දෙන බවයි අමත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත්තේ.